ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 12,000 ඉක්මවයි

ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 12,000 ඉක්මවයි

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මියගිය පිරිස අතර දරුවන් 5,000ක් සිටින බවයි

එමෙන්ම ළමුන් 1,800 ක් ඇතුළුව පුද්ගලයින් 3,570 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි පලස්තීන තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ සන්නිවේදනයේ ඇති වූ බාධා හේතුවෙන් පසුගිය දින හතර තුළ සිදුවූ තුවාල හා මරණ පිළිබඳ ඇස්තමේන්තු පිළිබඳ කිසිදු යාවත්කාලීන කිරීමක් සිදු නොකළ බවයි

Share This