ඩොමිනිකන් ජනරජයට අයත් ප්‍රදේශවලට සති අන්තයේ බල පෑ අධික වර්ෂාපතනයෙන් 21ක් මරුට

ඩොමිනිකන් ජනරජයට අයත් ප්‍රදේශවලට සති අන්තයේ බල පෑ අධික වර්ෂාපතනයෙන් 21ක් මරුට

කැරිබියන් දූපත්හි ඩොමිනිකන් ජනරජයට අයත් ප්‍රදේශවලට සති අන්තයේ බල පෑ අධික වර්ෂාපතනයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර දහස් ගණනක් පදිංචිකරුවන් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් Santo Domingo අගනුවර අධිවේගී මාර්ගයක උමං තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය යාමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන් .

13,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කර ඇති අතර හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (COE) පවසන්නේ වර්ෂාවෙන් නිවාස ජලයෙන් යටවීම, විදුලිය විසන්ධි වීම සහ පාලම් සහ මාර්ග වලට හානි සිදුවී ඇති බවයි.

මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පුද්ගලයන් 2,500 කට වැඩි පිරිසක් මුදාගෙන ඇති අතර, කුණාටුවෙන් පීඩාවට පත් නිවාස 2,600 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (COE) පවසනවා .

මේ අතර මියගිය අයගෙන් හතර දෙනෙක් එක්සත් ජනපද ජාතිකයන් වන අතර තිදෙනෙක් අසල්වැසි හයිටියෙන් පැමිණි අය බව AFP පුවත් ඒජන්සිය වාර්තා කරනවා

Share This