ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන CCTV දර්ශන ඊශ්‍රායලය නිකුත් කරයි (VIDEO)
ඔක්තෝම්බර් 7 දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ විශාලතම රෝහලට ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
වැඩිදුරටත් හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු සෙබළෙකු එහිදී ඝාතනය කර ඇති බවයි.
19 හැවිරිදි Cpl Noa Marciano සුළු තුවාල සහිතව අල්-ෂිෆා රෝහලට ගෙන යාමෙන් පසුව මිය ගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා .
මේ අතර ඊශ්‍රායලය කියා සිටියේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් යැයි තමන් පවසන ස්ථානයේ උමං මාර්ගයක් සොයාගත් බවයි.
කෙසේවෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ
හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමෙන් ඊශ්‍රායල ජාතිකයින් 1,200 ක් මිය ගොස් 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා