ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන හමාස් සංවිධානය ගිවිසුමකට එතැයි බලාපොරොත්තුවක්

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගැන හමාස් සංවිධානය ගිවිසුමකට එතැයි බලාපොරොත්තුවක්

සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධ ගිවිසුමකට ඉක්මනින් එකඟ විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසනවා

එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ප්‍රධානියා හමාස් සංවිධානයේ නියෝජිතයින් හමුවනු ඇතැයි පවසමින් ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ගාසා තීරයේ වටලනු ලැබූ අල්-ෂිෆා රෝහලෙන් නොමේරූ ළදරුවන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉවත් කිරීමෙන් පසු ඊජිප්තුවට රැගෙන ගොස් ඇති අතර 12 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කයිරෝ වෙත රැගෙන විත් තිබෙනවා

තවදුරටත් ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ රෝහලකට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බවයි.

මේ අතර හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිය මෙහෙයුම් ආරම්භ කළ දා සිට එම ප්‍රදේශයේ පුද්ගලයන් 13,300ක් මියගොස් ඇති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ හමාස් සටන්කාමීන් ඔක්තෝබර් 7 වැනිදා දේශසීමා තරණය කර ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් මරා දමා තවත් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි

Share This