දින 10ක කාලයක් උමං මාර්ගයක සිරවී සිටින ඉන්දීය කම්කරුවන් බේරාගැනීමට තවත් දින කිහිපයක්

දින 10ක කාලයක් උමං මාර්ගයක සිරවී සිටින ඉන්දීය කම්කරුවන් බේරාගැනීමට තවත් දින කිහිපයක්

දින 10ක කාලයක් පුරා උත්තරකාන්ද් ප්‍රදේශයේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41 දෙනාව විදුම් යන්ත්‍රයක ආධාරයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී පිටතට ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා

නමුත් එය ක්‍රියාත්මක නොවන්නේ නම් මුදාගැනීම දින 15ක් දක්වා දිගු විය හැකි බවයි රජයේ ඉහළ නිලධාරියෙක් පවසා තිබෙන්නේ

උතුරුකාන්ද් ප්‍රාන්තයේ කිලෝමීටර් 4.5ක උමං මාර්ගය නොවැම්බර් 12දා කඩා වැටීමෙන් පසු කම්කරුවන් එහි සිරවී සිටිනවා .

මේ වනවිට ඔවුන්ට වානේ පයිප්ප හරහා ආහාර, ජලය සහ ඖෂධ සපයනු ලබනවා .

මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග ලේකම් අනුරාග් ජේන් පවසා තිබෙන්නේ දැනටමත් ක්‍රියාත්මක වන අමෙරිකාවේ නිෂ්පාදිත Auger විදුම් යන්ත්‍රය මේ වන විට හොඳම විකල්පය වන අතර ඉන් සේවකයින් දින දෙක හමාරක් ඇතුළත පිටතට ගත හැකි බවයි.

Share This