ගිවිසුම යටතේ නිදහස් කිරීමට නියමිත පලස්තීනුවන්ගේ ලැයිස්තුව ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කරයි

ගිවිසුම යටතේ නිදහස් කිරීමට නියමිත පලස්තීනුවන්ගේ ලැයිස්තුව ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් ගිවිසුම යටතේ නිදහස් කළ හැකි පලස්තීනුවන් 300කගේ ලැයිස්තුවක් ඊශ්‍රායලය විසින් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායලයේ අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති ලැයිස්තුවට සුදුසුකම් ලත් අයගේ නම්, වයස සහ ඔවුන්ගේ වැරදි ඇතුළත් වන බව සඳහන්

නිදහස් කිරීම සඳහා ලැයිස්තුගත කර ඇති පලස්තීන රැඳවියන් 300 දෙනාගෙන් 274 ක් පිරිමි පුද්ගලයින් වනවා

ඊශ්‍රායල අධිකරණ අමාත්‍යාංශය විසින් බෙදාගත් ලැයිස්තුවට අනුව බොහෝ දෙනා වයස අවුරුදු 17 හෝ 18, සහ සමස්ත වයස් පරාසය 14-59ත් අතර වන බවයි සඳහන් වන්නේ

එමෙන්ම රැඳවියන්ගේ වැරදි ද ලැයිස්තුගත කර තිබෙනවා .

එම වැරදිවලට මිනීමැරීමට තැත් කිරීම, බෝම්බයක් විසි කිරීම, පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවුලුවන වස්තුවක් නිර්මාණය කිරීම, ගල් විසි කිරීම, සතුරු සංවිධානයක් සමග සම්බන්ධතා පැවැත්වීම , බරපතල ශාරීරික හානි සහ ජාතිකවාදී පදනම මත ගිනි තැබීම ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

 

 

 

 

 

Share This