ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41දෙනා බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම්

ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41දෙනා බේරාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් එහි සිටි කම්කරුවන් 41 දෙනෙකු දින 11ක් තිස්සේ තවමත් සිරවී සිටිනවා .

ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් කටයුතු කරමින් සිටින අතර නිලධාරීන් BBC පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ කම්කරුවන් පිරිස එරට දේශීය වේලාවෙන් බ්‍රහස්පතින්දා 08:00 වන විට පිටතට පැමිණෙන බවයි.

කම්කරුවන් විසින් මෙම උමග ඉදිකරමින් සිටියදී නොවැම්බර් 12 වන දින සිදුවූ නායයෑමක් හේතුවෙන් එහි සිරවී සිටින අතර ඔවුන්ට නල මාර්ගයක් හරහා ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා

පැය ගණනාවකට පසුව කොටුවී සිටි මිනිසුන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට බලධාරීන් සමත් වුණා

මෙම සතිය මුලදී උමග තුළ සිරවී සිටින අයගේ ඥාතීන්ට එන්ඩොස්කොපික් කැමරාවක් හරහා තම ආදරණීයයන්ව දැක ගැනීමටද අවස්ථාවක් බලධාරීන් විසින් ලබාදෙනු ලැබුවා

Share This