ඉන්දියාව සියලුම උමං මාර්ගවල ආරක්ෂිත තත්ත්වය විගණනයට සැරසෙයි

ඉන්දියාව සියලුම උමං මාර්ගවල ආරක්ෂිත තත්ත්වය විගණනයට සැරසෙයි

ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය (NHAI) විසින් උමං මාර්ගවල ආරක්ෂිත විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිකිරීම්වලදී ආරක්ෂාව සහ ඉහළම ගුණාත්මක ප්‍රමිතීන් පිළිපැදීම සහතික කිරීම සඳහා, NHAI විසින් රට පුරා ඉදිවෙමින් පවතින උමං මාර්ග 29 හි ආරක්ෂිත විගණනය සිදු කරන බවයි ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම විගණනය කිරීම්වලට හිමාලයානු ප්‍රාන්තයේ හිමාචල් ප්‍රදේශ්හි උමං මාර්ග 12 ක්, ජම්මු සහ කාශ්මීර් කලාපයේ 6ක් සහ ඉතිරිය උත්තරකාන්ද් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල ඇතුළත් බව වාර්තා වනවා.

NHAI නිලධාරීන් සහ Metro Rail Corporationහි අනෙකුත් නිලධාරීන් සතියක් ඇතුළත පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This