කප්පම් චෝදනාවකට ඉන්දුනීසියාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියෙකුට චෝදනා

කප්පම් චෝදනාවකට ඉන්දුනීසියාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියෙකුට චෝදනා

ඉන්දුනීසියාවේ දූෂණ මර්දන කොමිසමේ ප්‍රධානියා වන Firli Bahuri, කප්පම් ලබා ගැනීමේ සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

එරට කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුවූ දූෂණ වංචාවකට ඔහු සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි ඉන්දුනීසියානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් Firli Bahuri අත්අඩංගුවට ගෙන නැහැ.

ඔහු විසින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉන්දුනීසියානු රුපියල් බිලියන 7.4 ක් වංචා කර ඇති බවටයි Bahuriට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

එමෙන්ම ඔහු විසින් 2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කප්පම් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ දූෂණ චෝදනාවලට වරදකරුවන් වන රාජ්‍ය නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවන බව සඳහන්.

Share This