සටන් විරාම ආරම්භ වූවත් යුද්ධයේ අවසානය නොවන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

සටන් විරාම ආරම්භ වූවත් යුද්ධයේ අවසානය නොවන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටනේ දින හතරක විරාමය ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

ඒ අනුව එය සාර්ථක වුවහොත් සති හතක පමණ යුද්ධයක පළමු විරාමය සනිටුහන් කරනු ඇති .

මෙම තාවකාලික සටන් විරාම ගිවිසුමට ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් 240ක් පමණ වූ කාන්තාවන් සහ ළමුන් 50ක් නිදහස් කිරීමද ඇතුළත් වනවා

ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එරට වේලාවෙන් 16:00 (GMT 14:00) ට නිදහස් කරනු ඇති බවයි පැවසෙන්නේ

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පවසා ඇත්තේ තම සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ යෞවනයන් 150 දෙනෙකු නිදහස් කරන බවයි.

සටන් විරාමය ගාසා තීරයේ සිටින මිලියන 2.2 පලස්තීනුවන්ට යම් සහනයක් ගෙන එනු ඇති

මේ අතර මෙය යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා

හමාස් තුරන් කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් සියල්ල ආපසු ලබා දීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමට රජය පොරොන්දු වී ඇති බවද සඳහන් .

හමාස් සංවිධානය ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර බලවතුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා

 

Share This