ගසා හි යුද්ධයෙන් මියගිය ගණන 14,800 ඉක්මවයි

ගසා හි යුද්ධයෙන් මියගිය ගණන 14,800 ඉක්මවයි

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 14,854 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව තුවාල ලැබූවන් අතර ළමුන් 5,850 ක් සිටින බවයි හමාස් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම ගාසා යුද්ධයෙන් මේ දක්වා ළමුන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් ගාසා තීරයේ සන්නිවේදන බාධාවන් පවතින අතර, ඒ හේතුවෙන් නිවැරදි දත්ත රැස් කිරීමට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This