අයර්ලන්තයේ කෝලාහල හේතුවෙන් 34ක් අත්අඩංගුවට (VIDEO)

අයර්ලන්තයේ කෝලාහල හේතුවෙන් 34ක් අත්අඩංගුවට (VIDEO)

අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පාසලකින් පිටත සිදුවූ පිහි ඇනුමකින් පසු ඇති වූ කෝලාහල නිසා 34ක් අත්අඩංගුවට ගෙන ඇති එරට පොලිස් ප්‍රධානියා පවසනවා

නගර මධ්‍යයේ සිදුවූ පිහි ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලැබීම නිසා ප්‍රචණ්ඩත්වය ඇවිලී ගියා

අයර්ලන්ත පොලිස් බලකායෙහි ප්‍රධානී Drew Harris පැවසුවේ ගැටුමේදී පොලිස් වාහන 11 කට සහ වෙළඳසැල් 13 කට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.

කෝලාහලයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවද සඳහන්

පැය තුනකට වැඩි කාලයක් පැවති කැරලි කෝලාහල අතරතුර බස් රථ තුනක් සහ ට්‍රෑම් රථයක් ද විනාශ වී තිබෙනවා

නගරයේ නිලධාරීන්ට සහාය වීම සඳහා අයර්ලන්ත ජනරජය පුරා මහජන ඇණවුම් පොලිස් ඒකක කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This