නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් අතර සිව් හැවිරිදි දැරියක්

නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් අතර සිව් හැවිරිදි දැරියක්

ඔක්තෝබර් 7 වනදා දකුණු ඊශ්‍රායලයට එල්ලවූ ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-අමෙරිකානු දැරියක් ඊයේ (26) මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතරවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Avigail Idan නැමැති මෙම දැරිය හමාස් තුවක්කුකරුවන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමෙන් පසු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි පැවසෙන්නේ

ඇයගේ ලොකු නැන්දා වන Liz Hirsh Naftali සහ ඇගේ ඥාති සොහොයුරිය වන Noa Naftali නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “Avigail ආරක්ෂිතව නිවසට පැමිණීම ගැන කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන නොමැති බවයි .

එමෙන්ම ඔවුන් දැරියව නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් , කටාර් රජයට සහ අනෙකුත් අයට ස්තූතිය පළ කළ ඇති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ද නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම “දැඩි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවත් ඉදිරි දිනවලදී තවත් අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය

අපි දිගටම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් බලපෑම් කරමින් සිටින බවත් “සෑම ප්‍රාණ ඇපකරුවෙකුම ඔවුන්ගේ ආදරණීයයන් වෙත ආපසු ලබා දෙන තුරු වැඩ නතර නොකරන බවත් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා

ප්‍රාණ ඇපකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙකු ඊශ්‍රායල ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු තායි ජාතිකයන් වනවා .

ඊශ්‍රායල ජාතිකයන්ගෙන් නව දෙනෙක් ළමයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This