දිල්ලියේ වායූ දූෂණය වෙනුවෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම

දිල්ලියේ වායූ දූෂණය වෙනුවෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ වායු දූෂණය මෑත වසරවලදී ගෝලීය සිරස්තලයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

දශක හතරක පමණ කාලයක්, රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප්‍රශ්නය ක්‍රියාකාරීව සාකච්ඡා කර ඇති අතර, සමහර අවස්ථාවන්වලදී දිල්ලියේ ජීවිතය සැලකිය යුතු ලෙස වෙනස් කිරීම සඳහා නියෝග සම්මත කර ඇති බවද සඳහන්

එහි නවතම මැදිහත්වීම නොවැම්බර් මස මුලදී සිදු වූ අතර, අගනුවර වාතයේ ගුණාත්මක භාවය භයානක මට්ටමට පිරිහී යාමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් “වහාම ක්‍රියාමාර්ගයක්” ඉල්ලා සිටිනු ලැබුවා .

අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා වල පිදුරු පිළිස්සීම අවම කිරීමේ සිට, රියදුරු බලපත්‍රයේ අවසාන අංකය මත පදනම්ව විකල්ප දිනවල පමණක් මෝටර් වාහන සඳහා අවසර දීමේ යෝජනාවක්ද ක්‍රියාමාර්ග අතරට එක්වූ බවයි පැවසෙන්නේ

ඒ අනුව උසාවිය මෙම ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ තීරණය රජයට භාර දෙනු ලැබුවා

ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ විට දිල්ලියේ වාතය පිරිසිදු කිරීම සඳහා ප්‍රතිසංස්කරණවල පෙරමුණ ගෙන ඇති අතර එහි සමහර නියෝගවලට නගරයේ ධාවනය කළ යුතු වාහන පිළිබඳ නීති ඇතුළත් වනවා

එමෙන්ම දුම් සහිත කර්මාන්ත ශාලා දහස් ගණනක් නැවත ස්ථානගත කිරීම සහ විමෝචනය අවම කිරීම සඳහා ව්‍යාපාර මුද්‍රා තැබීමද සිදු කරනු ලැබුවා

Share This