තායිලන්ත මනාලයා විවාහ මංගල්‍යයේ දී මනාලිය ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කරයි

තායිලන්ත මනාලයා විවාහ මංගල්‍යයේ දී මනාලිය ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කරයි

තායිලන්ත පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු සිය මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුත් සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

29 හැවිරිදි Chaturong Suksuk සහ 44 හැවිරිදි Kanchana Pachunthuek විවාහ වූයේ පසුගිය සෙනසුරාදා ඊසානදිග තායිලන්තයේදීයි .

වාර්තාවල දැක්වෙන්නේ ඔහු හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන ආපසු පැමිණ ඔහුගේ බිරිඳට, ඇගේ 62 හැවිරිදි මවට සහ 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා ඇති බවයි

තවත් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා

ඒ අවස්ථාවේ ඔහු හොඳටම මත්ව සිටි බවත් වෙඩි තැබීමට ඔහුගේ චේතනාව තවමත් පැහැදිලි නැති බවත් එරට පොලිසිය පවසනවා .

එමෙන්ම ඔහු එම තුවක්කුව සහ පතොරම් නීත්‍යානුකූලව මිලදී ගෙන ඇත්තේ පසුගිය වසරේ බවයි පැවසෙන්නේ

සාදයට පැමිණි අමුත්තන් පවසා තිබෙන්නේ මෙම යුවළ සාදය අතරතුර ආරවුලක් ඇතිකර ගත් බවයි.

Share This