ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඩුබායි COP28 දේශගුණික සමුළුවට සහභාගී වෙයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඩුබායි COP28 දේශගුණික සමුළුවට සහභාගී වෙයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ සතියේ ඩුබායි COP28 දේශගුණික සමුළුවට සහභාගී වන බව තහවුරු කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෙනහළු ආශ්‍රීත රෝගී තත්ත්වයකින් පසුවන අතරතුර පාප් වහන්සේ මෙලෙස එම සමුළුවට සහභාගී වන බවයි

පාප් වහන්සේ සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සතිපතා ඉරිදා ශාන්ත පීතර චතුරශ්‍රයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට ඔහු වාසය කරන වතිකානු හෝටලයේ සිට සජීවී රූපවාහිනී විකාශනයක් හරහා සම්ප්‍රදායික දහවල් ආශිර්වාදය ලබා දුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා

කෙසේ වෙතත් පාප් වහන්සේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරමින් සෙනසුරාදා සිය නියමිත දේශනය කිරීමට සහභාගී වීමට නියමිතයි

Share This