රුසියාවේ සහ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක මිලියන 1.9ක ජනතාවකට විදුලිය විසන්ධි වෙයි

රුසියාවේ සහ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක මිලියන 1.9ක ජනතාවකට විදුලිය විසන්ධි වෙයි

සුළි කුණාටු සහ අධික ගංවතුර හේතුවෙන් දකුණේ මිලියන 1.9 ක ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති බව රුසියාව පවසනවා

මොස්කව් විසින් නීති විරෝධී ලෙස ඈඳාගත් යුක්‍රේන ප්‍රදේශ රැසකටද මෙය බලපා ඇති බවයි පැවසෙන්නේ

රුසියාවේ බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ Dagestan, Krasnodar සහ Rostov මෙන්ම යුක්‍රේනයේ Donetsk, Luhansk, Kherson, සහ Zaporizhzhia යන ප්‍රදේශ බවයි .

අවම වශයෙන් කුණාටු ආශ්‍රිත මරණ හතරක් ප්‍රාදේශීය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා

යුක්‍රේනය පවසන්නේ හිම කුණාටුවෙන් පසු එහි ගම්මාන සහ නගර 2,019 කට බලය නොමැති බවයි.

කුණාටුව මෝල්ඩෝවා, ජෝර්ජියාව සහ බල්ගේරියාවටද දැඩි බලපෑම් ඇති කර ඇති බව සඳහන් .

රුසියානු කළු මුහුදේ වෙරළ තීරයේ ඇනපා නගරය ආසන්නයේ, කාර්ය මණ්ඩලය 21 දෙනෙකුගෙන් යුත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගොඩගැසී ඇත.

සෙවාස්ටොපෝල් වරායේ ඓතිහාසික කෞතුකාගාරයක් – මින්මැදුරක් මුහුදු ගංවතුරෙන් විනාශ වීමෙන් විදේශීය මසුන් 800 ක් පමණ මිය ගිය බව කෞතුකාගාර අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා

මේ අතර ක්‍රිමියාවේ මහ නගර සභා කිහිපයක හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ .

දැනට අවම වශයෙන් භාණ්ඩ ලොරි 1,370ක් සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This