ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර හමුවේ ගාසා හි ළමුන් 6,000 ක් ඇතුළු 14,800කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර හමුවේ ගාසා හි ළමුන් 6,000 ක් ඇතුළු 14,800කට වැඩි පිරිසක් මරුට

ගාසා තීරයෙන් මුදා හැරීමෙන් පසු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තායි පුරවැසියන් හතර දෙනෙකු නැවතත් තම භූමියට පැමිණ ඇති බව ඊශ්‍රායලය පවසනවා .

එමෙන්ම තවත් පලස්තීන සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කළ බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසා තිබෙනවා

ඊයේ (29) දිනය වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ආරම්භ කළ සටන් විරාමයේ හයවන දිනයවූ අතර එය කල් ඉකුත්වීමට පෙර මෙය දීර්ඝ කිරීමේ උත්සාහයක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

හමාස් සංවිධානය දේශසීමා තරණය කරමින් ඔක්තෝම්බර් 7 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් ඝාතනය වූ අතර තවත් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා

එතැන් සිට ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 6,000 ක් පමණ ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Share This