Research එකක් වගේ අමුතු මංගල ආරාධනා පත්‍රයක් (PHOTOS)

Research එකක් වගේ අමුතු මංගල ආරාධනා පත්‍රයක් (PHOTOS)

වර්තමානයේ, අලංකාර මංගල ආරාධනා පත්‍ර සෑම විටම සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

සමහර ආරාධනා පත්‍රවල චොකලට් සහ කුකීස් ඇතුළත් කර එවන අතර සමහර ඒවා පාරිසරික ප්‍රවේශයක් ගනිමින් නිර්මාණය කරනු ලබනවා.

කෙසේ වෙතත්, මේ වන විට Research එකක් නොහොත් පර්යේෂණ පත්‍රිකාවක් මෙන් සකසා තිබෙන සුවිශේෂී මංගල කාඩ්පතක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය පුරා අවධානය යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සිද්ධිය වාර්තා වන්නේ බංග්ලාදේශයේ ඩකා අගනුවරින්.

Research පත්‍රිකාවක් මෙන් පෙනෙන මෙම කාඩ්පත Sanjana Tabassum Sneha සහ Mahjib Hossain Imon යන යුවළගේ බවයි සඳහන් වන්නේ.

කාඩ්පතේ මාතෘකාව විවාහ මංගල ස්ථානය සමග යුවළගේ නම් ඇතුළත් ඇතුළත් කර තිබෙනවා.

Research එකක එන පරිදි විවාහයේ වැදගත්කම පැහැදිලි කරන සාරාංශයක් ද එයට ඇතුළත් වනවා.

එමෙන්ම මෙම කාඩ්පතෙහි ඔවුන්ගේ විවාහ කටයුතු පිළිබඳ විස්තර ගෙනහැර දක්වන ක්‍රමවේදයක් සහ උත්සවය ගැන නිගමනයක්ද ඇතුළත්.

කෙසේ වෙතත් මෙම කාඩ්පතට කැමති පිරිසට වඩා අකමැත්ත ප්‍රකාශ කරන පිරිස වැඩි වශයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

Share This