ඉන්දියාවේ පාසල් 48කට බෝම්බ බියක්

ඉන්දියාවේ පාසල් 48කට බෝම්බ බියක්

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් ඉවත් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ විද්‍යුත් තැපෑල හරහා පාසල් 48කට මෙම බෝම්බ තර්ජන පණිවුඩය යවා ඇති බවයි

එමෙන්ම බෝම්බ තර්ජන එල්ල වූ පාසල්වල සිසුන් 5000කට වැඩි පිරිසක් සිටින අතර කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන සහ බෝම්බ හඳුනාගැනීමේ කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබනවා

මේ අතර පාසල්වලට එල්ල වූ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි කර්නාටක ප්‍රධාන අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ

Share This