ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදීන් 61 දෙනෙකු මියයයි

ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදීන් 61 දෙනෙකු මියයයි

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මාධ්‍යවේදීන් 61දෙනෙකු මිය ගිය බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසනවා.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 61 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

මරණයට පත් වූවන් බහුතරයක් පලස්තීන මාධ්‍යවේදීන් වනවා.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවේ ප්‍රකාශයට අනුව පලස්තීන ජාතිකයන් 54 දෙනෙකු, ඊශ්‍රායල ජාතිකයින් 4 දෙනෙකු සහ ලෙබනන් මාධ්‍යවේදීන් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

Share This