ඊශ්‍රායල යුද ටැංකි සහ සන්නද්ධ රථ දකුණු ගාසා නගරය ආසන්නයේ

ඊශ්‍රායල යුද ටැංකි සහ සන්නද්ධ රථ දකුණු ගාසා නගරය ආසන්නයේ

ඊශ්‍රායල යුද ටැංකි සහ සන්නද්ධ රථ දකුණු ගාසා නගරයේ ඛාන් යුනිස් නගරයට ආසන්නයේ පවතින බව එරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසනවා .

මේ අතර දකුණු නගරයේ රෝහලක ශල්‍ය වෛද්‍යවරයකු පසුගිය දිනක එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පසුව එහි අවුල් සහගත තත්වය පිළිබඳව විස්තර කර තිබෙනවා.

පලස්තීන භූමියේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරන බවයි ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවිසින් ගාසා තීරයේ නව ඉවත් කිරීමේ නියෝග ලබා දී ඇති බවයි පැවසෙන්නේ

ගාසා තීරයේ සියලුම අන්තර්ජාල සහ සන්නිවේදන සේවා අක්‍රිය වී ඇති බව එම ප්‍රදේශයේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම සඳහන් කරනවා

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර තවත් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා .

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 6,000ක් පමණ ඇතුළුව 15,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

Share This