සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට යාමේ දී වොෂින්ටන්හි නිවසක පිපිරීමක්

සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට යාමේ දී වොෂින්ටන්හි නිවසක පිපිරීමක්

අමෙරිකාවේ වොෂින්ටන්හි උප නගරයක නිවසක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් එක් නිවසක්වත් විනාශ වී ඇති බව බලධාරීහු පවසනවා .

පොලිසිය සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි පැවසෙන්නේ

මෙම පිපිරීමට පෙර පොලිසිය පැවසුවේ නිලධාරීන් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී නිවස තුළ සිටි අයෙකු පිටතට වෙඩි තබා ඇති බවයි.

ඊයේ (04) රාත්‍රියේ සිදුවූ පිපිරීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැති බවද සඳහන් .

එම ප්‍රදේශය අවට සමහර නිවැසියන් සමාජ මාධ්‍යවලට පවසා තිබෙන්නේ තම නිවෙස් සෙලවෙන බවක් දැනුණු බවයි.

ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබෙනවාAll Posts

Share This