ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ කඳු නගින්නන් 12 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත්

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ කඳු නගින්නන් 12 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත්

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ කඳු නගින්නන් 12 දෙනෙකු සොයා තවමත් සිය ගණනකට වැඩි පිරිසක් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා

සුමාත්‍රා හි මරාපි කන්දෙහි අඛණ්ඩ පිපිරීම් ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ හේතූන් මත සෝදිසි කිරීම ඊයේ (04) නවතා දැමුණා

සති අන්තයේ මරාපි කන්ද පුපුරා යාමෙන් කඳු නගින්නන් 11 දෙනෙක් මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු පහක් මේ වනවිට කන්දෙන් පහළට ගෙනැවිත් ඇති බවද සඳහන් .

ගිනි කන්ද පුපුරා යාමේදී ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනාගෙන් වැඩි දෙනෙක් ඉවත් කර තිබෙනවා

ගිනි කන්ද තවමත් විදාරණය වෙමින් පවතින බවට නිලධාරීන් අනතුරු අඟවා තිබියදීත්, අද (05) උදෑසන සෝදිසි කිරීම් සඳහා තවත් පුද්ගලයින් 200 ක් පමණ යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

කඳු නගින්නන් 49 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා

කඳු නගින්නන් කවුරුන්ද යන්න බලධාරීන් මෙතෙක් අනාවරණය කර නැහැ .

“ගිනි කන්ද” යන අරුත ඇති මාරපි කන්ද ඉන්දුනීසියාවේ ගිනිකඳු 127 න් වඩාත් ක්‍රියාකාරී වන අතර කඳු නගින්නන් අතර ද ජනප්‍රිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

Share This