මධ්‍යම ගාසා රෝහලේ සැපයුම් ඉතා පහළ බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මධ්‍යම ගාසා රෝහලේ සැපයුම් ඉතා පහළ බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මාර්ග වසා දැමීම හේතුවෙන් මධ්‍යම ගාසාවේ Al-Aqsa Martyrs රෝහලේ ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් ඉතා පහළ බවට වෛද්‍යවරුන් පවසනවා.

දැනට රෝගීන් 700ක් රෝහල් ගත කර ඇති අතර සෑම විටම නව රෝගීන් ඇතුළත් වන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සැපයුම් අවසන් වෙමින් පවතින බවයි ගාසා හි හදිසි සම්බන්ධීකාරක Marie-Aure Perreau Revial ​​කියා සිටියේ.

දේශසීමා රහිත වෛද්‍යවරුන් විසින් සටන් විරාමයක් සඳහා වන සිය ඉල්ලීම සහ ගාසා තීරයට පැමිණෙන ආධාර සියල්ලම ඇතුළට ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබුණා.

රෝහල් ප්‍රකාශක වෛද්‍ය Khalil Al Daqran පැවසුවේ ඊයේ(05) මළ සිරුරු 90 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට ලැබුණු අතර, තුවාල ලැබූ 130 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවයි.

Share This