”2023 Power Women” නාමාවලියට Barbie ඇතුළත්?

”2023 Power Women” නාමාවලියට Barbie ඇතුළත්?

ලෝක ප්‍රසිද්ධ Forbes සගරාවේ 2023 වර්ෂයේ ”Power Women” නාමාවලියට Barbie ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Barbie චරිතය Forbes සඟරාවේ Power Women නොහොත් ලොව බලවත්ම කාන්තාවන් අතරට තේරී පත් වූ ප්‍රථම ප්‍රබන්ධ චරිතය වනවා.

එම ලැයිස්තුවට විවිධ වූ කාර්යයන්ගේ නිරත වන තවත් නායිකාවන් සහ නවෝත්පාදිකාවන් 99 දෙනෙකු ඇතුළත්.

Barbie මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීම සාම්ප්‍රදායික නොවන තේරීමක් වන අතර යුද්ධ, පාරිසරික අභියෝග, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එන තර්ජන සහ කාන්තා අයිතිවාසිකම් වැනි දෑ බොහෝ සේ කතාබහට ලක්වූ වසරක් තුළ මෙම තෝරාගැනීම මතභේදාත්මක විය හැකි බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

මේ නිසා Barbie 2023 Power Women නාමාවලියට ඇතුළත් කළ හේතුව පිළිබඳව Forbes සගරාව අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.

Barbie බෝනික්කෙක් විය හැකි නමුත් 2023 දී Barbie බෝනික්කෙක්ට වඩා බලවත් චරිතයක් බවට පත් වූ බව Forbes සගරාව සටහන් කර තිබෙනවා.

Greta Gerwig’s Warner Bros. චිත්‍රපටයේ ප්‍රබලත්වය නිසාම Barbie ස්ත්‍රී සවිබල ගැන්වීමේ සංකේතයකින් ඔබ්බට ගොස් බලවත් චරිතයක් වී තිබෙනවා.

එමෙන්ම ඇය පරම්පරා ගණනාවක් තිස්සේ ගැහැණු ළමයින්ට සහ මව්වරුන්ට බලපෑමක් එල්ල කළ චරිතයක් වූ නිසා Barbie, 2023 Power Women නාමාවලියට ඇතුළත් කිරීම සුදුසු බවයි Forbes සගරාවේ කතෘවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This