Facebook, Instagram පණිවුඩ ආරක්ෂා කරන්නේ මෙහෙමයි

Facebook, Instagram පණිවුඩ ආරක්ෂා කරන්නේ මෙහෙමයි

Meta සමාගම විසින් Facebook සහ Instagram හි පණිවුඩ සම්පූර්ණයෙන්ම සංකේතනය කිරීම (Encrypted) නොහොත් පණිවුඩ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත කිරීම ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සතියේ සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebookහි පරිශීලකයන්ගේ පණිවුඩවල end-to-end encryption අංගය ස්වයංක්‍රියව ආරම්භ වී ඇති අතර ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාට එම වෙනස ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

Instagram හි සෘජු පණිවුඩවලටත් (Direct Messeges) end-to-end encryption අංගය ලබන අවුරුද්දේ සිට ලබා ගත හැකි බව සඳහන්.

end-to-end encryption සේවාව මගින් Facebook, Instagram පරිශීලකයින්ට සංකේතනය කිරීමේ විශේෂාංගය මගින් පණිවුඩයක් යවන්නාට සහ එය ලබන්නන්ට පමණක් කියවීමට ඉඩ සලසනවා.

Meta සමාගම WhatsApp යෙදුමට දැනටමත් end-to-end encryption අංගය හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This