සරණාගත ගනුදෙනුව සඳහා එක්සත් රාජධානිය රුවන්ඩාවට අමතර පවුම් මිලියන 100ක් ගෙවයි

සරණාගත ගනුදෙනුව සඳහා එක්සත් රාජධානිය රුවන්ඩාවට අමතර පවුම් මිලියන 100ක් ගෙවයි

සරණාගතයින් එහි නැවත පදිංචි කිරීමේ ගනුදෙනුවේ කොටසක් ලෙස එක්සත් රාජධානිය මේ වසරේ රුවන්ඩාවට තවත් පවුම් මිලියන 100 ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ස්වදේශ කාර්යාලයේ ඉහළම සිවිල් සේවකයා මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් කියා තිබෙන්නේ මෙම ගෙවීම අප්‍රේල් මාසයේදී සිදු කර ඇති බවත් දැනටමත් පවුම් මිලියන 140 ක් යවා ඇති බවත්ය

ලබන වසරේ තවත් පවුම් මිලියන 50ක ගෙවීමක් අපේක්ෂා කරන බව ද සඳහන්

මෙම හෙළිදරව්ව සිදුව තිබෙන්නේ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් විසින් එරට ආගමන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු සැලැස්ම නැවත පණ ගැන්වීමේ වැඩ අවසන් කරන බවට දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුවයි .

සරණාගතයින් කිහිප දෙනෙකු රුවන්ඩාවට යැවීමේ යෝජනා ක්‍රමය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ එවකට අගමැති බොරිස් ජොන්සන් විසින් 2022 අප්‍රේල් මාසයේදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

නමුත් නීතිමය අභියෝග හේතුවෙන් එය නැවත නැවතත් ප්‍රමාද වී ඇති අතර මෙතෙක් එක්සත් රාජධානියෙන් සරණාගතයින් යවා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මීට පෙර රිෂි සුනක් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙන්නේ ඔහුගේ සැලැස්මට සහාය දෙන ලෙසයි.

Share This