සුඩානයේ සහන රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට – හතකට තුවාල

සුඩානයේ සහන රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට – හතකට තුවාල

සුඩානයේ සහන රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව රතු කුරුස සංවිධානය පවසනවා.

එමෙන්ම තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි රතු කුරුස සංවිධානය සඳහන් කරන්නේ.

සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් ඉවත් කිරීමට නියමිතව තිබුණ බවද සඳහන්.

තුවාල ලැබූවන් අතර පුණ්‍යායතන සේවකයින් තිදෙනෙකු ද සිටින බවයි රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුව පවසන්නේ

හමුදාව සහ පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය අතර පවතින සුඩානයේ සිවිල් යුද්ධයට මේ වනවිට මාස 8ක් ගතව තිබෙනවා.

වසර දෙකකට පෙර සුඩානයේ සිදුවූ කුමන්ත්‍රණයකින් අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අත්අඩංගුවට ගෙන රජය විසුරුවා හරිනු ලැබුවා

මෙය සිදුවූයේ අධික උද්ධමනය සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය සමග රටේ ආර්ථිකය දැඩි අර්බුදයක සිටියදීයි .

සාකච්ඡා මගින් යුදමය තත්ත්වය සමථයකට පත් කළ හැකි බවට යම් බලාපොරොත්තුවක් තිබූ නමුත් ඒවා කිසිදා සිදු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම මේ වන විට මිලියන හයකට අධික ජනතාවක් යුද්ධයෙන් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

Share This