එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වෙනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුව මෙරට දී

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වෙනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුව මෙරට දී

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වෙනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා

ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගිත්වයෙන් 2024 පෙබරවාරි මස 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි

ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ .

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ‍මේ බව සඳහන් කළා

ශ්‍රී ලංකාව පසුගිය වසර තුන තුළ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන නිල සමුළුව මෙම ආසියා පැසිෆික් සමුළුව වන බව ද අමාත්‍යවරයා පවසනවා

දින හතරක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩපිළිවෙලක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටලු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාලව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වෙනු ඇති .

Share This