ලොව අබිං නිෂ්පාදනයේ පළමු තැන මියන්මාරයට

ලොව අබිං නිෂ්පාදනයේ පළමු තැන මියන්මාරයට

මියන්මාරය දැන් ලෝකයේ විශාලතම අබිං නිෂ්පාදකයා වන අතර ඇෆ්ගනිස්ථානය අභිබවා යමින් වාර්තාවක්ද තැබීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වසරේ මියන්මාරයේ අබිං නිෂ්පාදනය ටොන් 1,080 දක්වා 36% කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඇෆ්ගනිස්ථානය විසින් නිෂ්පාදනය කර ඇත්තේ අබිං ටොන් 330ක් පමණයි.

පසුගිය වසරේ පාලක තලේබාන් සංවිධානය විසින් මත්ද්‍රව්‍ය තහනම් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ පොපි වගාව 95% කින් පහත වැටි තිබෙනවා.

පොපි ශාකය මගින් Papaver somniferum වූ ප්‍රබල මත්ද්‍රව්‍යයක් වන අබිං නිෂ්පාදනය කරන අතර , එහි මෝෆීන්, කෝඩීන්, හෙරොයින් සහ ඔක්සිකෝඩෝන් ඇතුළත් වන බව සඳහන්.

කෙසේවෙතත් කුරිරු සිවිල් යුද්ධයක් පැවති මියන්මාරයේ වගාව ව්‍යාප්ත වී ඇති අතර එය මේ වනවිට එඅරට ලාභදායී ආදායම් මාර්ගයක් බවට පත්ව තිබෙනවා.

2021 පෙබරවාරියේ මිලිටරි අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික, ආරක්ෂාව සහ පාලන කඩාකප්පල් කිරීම් දුර බැහැර ප්‍රදේශවල ගොවීන් ජීවත්වීම සඳහා අබිං නිෂ්පාදනයට යොමුවූ බවයි United Nations Office for Drugs and Crime වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This