යුක්‍රේනය වෙනුවෙන් යුරෝපා සංගමයේ සාමාජික සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපීය නායකයින්ගේ තීරණයක්

යුක්‍රේනය වෙනුවෙන් යුරෝපා සංගමයේ සාමාජික සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපීය නායකයින්ගේ තීරණයක්

යුක්‍රේනය සහ මෝල්ඩෝවා සමග යුරෝපා සංගම් සාමාජික සාකච්ඡා ආරම්භ කිරීමටත් ජෝර්ජියාවට අපේක්ෂක තත්ත්වය ලබා දීමටත් යුරෝපීය නායකයින් තීරණය කර තිබෙනවා .

ඒ අනුව යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky බ්‍රසල්ස් හි පැවති සමුළුවකදී ගත් තීරණය තම රට සහ යුරෝපයේ ජයග්‍රහණයක් ලෙසටයි හඳුන්වා ඇත්තේ

මේ අතර යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එකඟතාව ඒකමතික බවයි.

හංගේරියාව Kyiv සමග ආරම්භ වන සාකච්ඡාවලට දිගු කලක් විරුද්ධ වූ නමුත් එම පියවරට නිෂේධ බලය ලබා දී නැහැ

යුක්‍රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයට බැඳීමට ඉල්ලුම් කළේ රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කිරීමෙන් පසුවයි .

ඔවුන් දෙදෙනාටම පසුගිය ජුනි මාසයේදී අපේක්ෂක තත්ත්වය ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මේ අතර මෝල්ඩෝවේ ජනාධිපති Maia Sandu පවසා ඇත්තේ යුක්‍රේනය සමග යුරෝපා සංගමයට ඇතුල් වීමේ මාවත බෙදා ගැනීමට ලැබීම ගෞරවයක් බවයි

Share This