ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

89 හැවිරිදි වියේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ මිතුරෙකු වන ඡායාරූප ශිල්පී Yuri Rost විසින් නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ

Pastorale සහ Favourites of the Moon වැනි චිත්‍රපට සඳහා Otar Iosseliani ප්‍රසිද්ධියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලද, Iosseliani ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ප්‍රංශයේ බවයි පැවසෙන්නේ

ජෝර්ජියානු කලාවේ ගෞරවනීය චරිතයක් ලෙස Otar Iosselianiව හඳුන්වා දෙමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ගැන තමා දැඩි ශෝකයට පත් වූ බව ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය Irakli Garibashvili පවසා තිබෙනවා

ජෝර්ජියානු අගනුවර වන Tbilisi හි උපත ලද Iosseliani 1966 දී ඔහුගේ පළමු සම්පූර්ණ දිග චිත්‍රපටය වන Falling Leaves නිර්මාණය කරනු ලැබුවා

එම චිත්‍රපටයට කෑන්ස් සිනමා උළෙලේදී සම්මාන දෙකක් ලබා ගැනීමටද අවස්ථාව ලැබී තිබෙනවා

ඔහු 1982 වසරේදී බර්ලින් චිත්‍රපට උළෙලේදී ඔහුගේ Pastorale චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ප්‍රංශයට ගොස් ඇති බවයි පැවසෙන්නේ

1984 දී සාදන ලද Favourites of the Moon, වැනිසියේ විශේෂ ජූරි ත්‍යාගය දිනාගත් අතර එතැන් පටන් මෙම උළෙල ඔහුගේ චිත්‍රපට සඳහා විශේෂ ස්ථානයක් හිමිකර ගනු ලැබුවා

2011 දී Munich ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහුට ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානයක්ද පිරිනමනු ලැබුවා

Share This