ගිනියාවේ අගනුවර තෙල් පර්යන්තයේ දැවැන්ත පිපිරීමක්

ගිනියාවේ අගනුවර තෙල් පර්යන්තයේ දැවැන්ත පිපිරීමක්

ගිනියාවේ කොනක්‍රි අගනුවර පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුවෙහි සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරීහු සඳහන් කරන්නේ .

පිපිරීමෙන් අවට නිවාසවල ජනේල පුපුරා ගොස් ඇති අතර, සිය ගණනක් නිවැසියන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද සඳහන් වනවා

බලධාරීන් නගරයේ පාසල් වසා දමන ලෙසට නියෝග කර ඇති අතර ජනතාවගෙන් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා තිබෙනවා

ගින්නක් හේතුවෙන් පිපිරීම සිදුව ඇතිවූ බවට විශ්වාස කෙරෙන අතර ගින්න ආරම්භ වීමට හේතුව පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This