රෝහල්ගත කළ මාතර බන්ධනාගාරයේ රැඳවියන් (VIDEO)

රෝහල්ගත කළ මාතර බන්ධනාගාරයේ රැඳවියන් (VIDEO)

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මොළයේ උණට සමාන රෝගී තත්ත්වයක් බන්ධනාගාරය තුළ පසුගිය දින කිහිපය තුළ ව්‍යාප්ත වෙමින් තිබුණා.

ඒ අනුව මීට පෙර රැඳවියන් පිරිසක් මාතර රෝහලට ඇතුලත් කළ අතර ඉන් එක් අයෙකු මියගොස් තිබුණා.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ දී රෝහල්ගත කර ඇති අතර ඒ අනුව මේ වන විට රැඳවියන් 16 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

එමෙන්ම අදාළ රැඳවියන්ගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

Share This