රුසියානු හමුදාවේ සිටින නේපාල ජාතිකයින් ගැන තොරතුරුවල අවිනිශ්චිතතාවයක්

රුසියානු හමුදාවේ සිටින නේපාල ජාතිකයින් ගැන තොරතුරුවල අවිනිශ්චිතතාවයක්

රුසියානු හමුදාවේ සේවය කරන නේපාල ජාතිකයින් 100 දෙනෙකු පමණ යුක්‍රේනය සමග පවතින යුධමය වාතාවරණය හමුවේ අතුරුදන් හෝ තුවාල ලබා ඇති බව එරට රජය පවසනවා.

නේපාල විදේශ අමාත්‍ය NP Saud විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර නේපාල ජාතිකයින් 200 දෙනෙකු ද රුසියානු හමුදාවේ සේවය ක‍රන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව අදාළ නේපාල ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානයකින් පසුවන බවයි NP Saud සඳහන් කර ඇත්තේ.

දැනට ලැබී ඇති තොරතුරු අනුව රුසියානු හමුදාවේ සේවය කරමින් සිටි නේපාල ජාතිකයින් 7 දෙනෙකු මියගොස් ඇති බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.

Share This