තද වැස්සෙන් ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට බලපෑම්

තද වැස්සෙන් ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට බලපෑම්

අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම රටවල ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් ජනතාවට තාවකාලික කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මීට අමතරව ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල විදුලිය ද විසන්ධි වී ඇති අතර පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This