ඔස්කාර් සම්මානලාභී නළු Lee Sun-kyun ජීවිතක්ෂයට

ඔස්කාර් සම්මානලාභී නළු Lee Sun-kyun ජීවිතක්ෂයට

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසනවා .

48 හැවිරිදි මෙම නළුවා මධ්‍යම සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ

Lee Sun-kyun සියදිවි නසා ගත්තේද යන්න පැහැදිලි නැති නමුත් සටහනක් ලියා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවට පොලිසියට වාර්තාවක් ලැබී ඇති බව Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා .

ඔහු ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටි අයෙක් බවද සඳහන්

විමර්ශන මධ්‍යයේ Lee Sun-kyun මිය යාම ගැන කණගාටු වන නමුත් විමර්ශනය ඔහුගේ කැමැත්ත ඇතිව සිදු කරන ලද්දක් බවද පොලිසිය සඳහන් කරනවා

නිළි Jeon Hye-jin සමග විවාහ වීමෙන් පුතුන් දෙදෙනෙකුද සිටින අතර ඔහු දශක දෙකකට වැඩි කාලයක් රංගනය සිය වෘත්තීය ජීවිතය කරගනු ලැබුවා

Share This