පිපිරීමකින් පසු දිල්ලියේ තානාපති කාර්යාලය සහ අනෙකුත් ඊශ්‍රායල ආයතන අවට ආරක්ෂාව තර කෙරේ

පිපිරීමකින් පසු දිල්ලියේ තානාපති කාර්යාලය සහ අනෙකුත් ඊශ්‍රායල ආයතන අවට ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාවේ තානාපති කාර්යාලය අසල සිදුවූ පිපිරීමෙන් පසු ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

දිල්ලියේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල අඩු තීව්‍රතාවයකින් යුත් පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ

කෙසේවෙතත් ඉන්දියාවේ බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් දිල්ලියේ තානාපති කාර්යාලය සහ අනෙකුත් ඊශ්‍රායල ආයතන අවට ආරක්ෂාව තර කර ඇති බවයි.

අගනුවර චානක්‍යපුරි රාජ්‍ය තාන්ත්‍රික පරිශ‍්‍රයේදී මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්

කිසිවකුටත් තුවාල සිදුවී නැතත් පොලිසිය පැවසුවේ එම ස්ථානයේ තිබී කැබලි තොගයක් සොයා ගත් බවයි.

පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර සාප්පු සංකීර්ණ සහ වෙළඳපොලවල් වැනි ජනාකීර්ණ ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙසත්, මහා පරිමාණ සිදුවීම් මගහරින ලෙසත් ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා .

ජාතික ආරක්ෂක මූලස්ථානය (NSH) ඉන්දියාවේ සහ විශේෂයෙන් දිල්ලියේ රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට අනතුරු අඟවා ඇති බවද සඳහන්

වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සෝදිසියෙන් සිටින ලෙසත් “ඊශ්‍රායල් සංකේත” ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසත් ඔවුන්ගේ සංචාර විස්තර හෝ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ නොකරන ලෙසත්ය

මෙම මස මුලදී, ජාතික ආරක්ෂක මූලස්ථානය ඊශ්‍රායල ජාතිකයින්ට ඔවුන්ගේ සියලුම විදේශ සංචාර නැවත සලකා බලන ලෙස අනතුරු ඇඟවූ අතර ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාවය බාහිරින් ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස විදේශගත වීමට අවශ්‍ය අයගෙන් ඉල්ලා සිටිනු ලැබුවා

එය ආරම්භ වූයේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයේ ප්‍රජාවන්ට එරෙහිව හමාස් විසින් මාරාන්තික ප්‍රහාර රැල්ලක් මෙහෙයවීමෙන් පසුවයි .

ප්‍රධාන වශයෙන් සිවිල් වැසියන් 1200ක් පමණ ඉන් මිය ගිය අතර ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සති 11කට වැඩි කාලයක් පැවති සටන්වලදී අවම වශයෙන් පලස්තීනුවන් 20,915ක් පමණ මරා දමා ඇති බවයි.

Share This