JN.1 වෛරසයට එරෙහිව චීනයෙන් පියවර රැසක්

JN.1 වෛරසයට එරෙහිව චීනයෙන් පියවර රැසක්

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින JN.1 වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ආසාදන පැතිරීමේ ප්‍රවණතාව අවම කිරීම සහ වෛරසයේ විකෘතිතාවය පාලනය කිරීම සඳහා අවධානයෙන් පසුවන බවයි ඔවුන් පවසන්නේ.

දැනට චීනය තුළ සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම මට්ටමක පවතින අතර JN.1 වෛරස ප්‍රභේදය රට තුළට ඇතුළුවීම වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එරට බොහෝ ප්‍රදේශවල ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළ ගොස් ඇති අතර පෞද්ගලික සනීපාරක්ෂාව හොඳින් පවත්වා ගනිමින් බෝවන රෝගවලට එරෙහිව එන්නත් ලබා ගන්නා ලෙසද බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා.

Share This