ලෝක ජනගහනයේ සිදුවූ වර්ධනය

ලෝක ජනගහනයේ සිදුවූ වර්ධනය

ලෝක ජනගහනය මෙම වසරේ දී 1% ට වඩා අඩු වේගයකින් වර්ධනය වී ඇති බව අමෙරිකානු සංගණන කාර්යාංශය පවසනවා.

ඒ අනුව මිලියන 75කට වඩා වැඩි පිරිසක් ලෝක ජනගහනයට මෙම වසරේ දී එකතු වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

නව වසර ආරම්භයේදී පුද්ගලයින් 4.3 ක් උපත ලබනු ඇති බවට අපේක්ෂා කරන අතර ලොව පුරා සෑම තත්පරයකටම පුද්ගලයින් දෙදෙනෙකු මිය යනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙනවා.

ලෝක ජනගහන වර්ධනයෙන් අඩකට හිමිකම් කියන්නේ අමෙරිකාවයි.

කෙසේවෙතත් ඉදිරි සියවස ආරම්භ වීමට පෙර අමෙරිකාවේ ජනගහනය අඩු වනු ඇති බවට අපේක්ෂා කර තිබෙනවා.

අමෙරිකානු සංගණන කාර්යාංශය පුරෝකථනය කර ඇත්ත ගෝලීය ජනගහනය බිලියන 9.8ක් දක්වා වර්ධනය වනු ඇති බවයි.

Share This