ගාසා යුද ගැටුම් මධ්‍යයේ සිව් නිවුන් දරු උපතක්

ගාසා යුද ගැටුම් මධ්‍යයේ සිව් නිවුන් දරු උපතක්

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායල කාන්තාවක් සිව් නිවුන් දරුවන් ප්‍රසූත කර තිබෙනවා.

ප්‍රහාර හමුවේ අවතැන්ව සිටින කාන්තාවක් වන ඇය දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකුට උපත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

28 හැවිරිදි වියේ පසුවන එම මව යුද වාතාවාරණය හේතුවෙන් ජබාලියා සරණාගත කඳවුරට ගමන් කර ඇති අතර ඒ වන විටත් ඇය සය මස් ගැබිනියක් බව සඳහන්.

සරණාගත කඳවුරේ රෝහලකදී ඇය දරු ප්‍රසූතිය සිදු කර ඇති නමුත් පවතින තත්ත්වය හමුවේ අලුත උපන් බිලිඳුන් සමග ඉන් පිටව යන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අලුත උපන් එක් බිළිඳෙකුගේ බර කිලෝග්‍රෑමයක් පමණක් වූ බැවින් ඔහුව රෝහලේ තැබීමට සිදුව තිබෙනවා.

Share This