චීනයේ නව ආරක්ෂක ඇමති

චීනයේ නව ආරක්ෂක ඇමති

චීනයට නව ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව එරට හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ Dong Jun ඒ සඳහා පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වූ Li Shangfu අතුරුදන් වීමෙන් මාස 4කට පසුව මෙම නව පත් කිරීම සිදු කර තිබෙනවා.

බීජිංහි පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු රැස්වීමක දී චීනයේ නීති සම්පාදකයන් විසින් අදාළ පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඒ අනුව 62 හැවිරිදි Dong Jun ලබන ජනවාරි මස මුල් සතියේ දී චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

Share This