ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ගත් තීන්දුව

ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ගත් තීන්දුව

ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට අගමැති නෙතන්යාහුගේ රජයට එරෙහිව පසුගිය වසරේ රටපුරා විරෝධතා ඇති කළ මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා

ඒ අනුව මෙම වෙනස ව්‍යවස්ථා විරෝධී යැයි සැලකෙන නීති අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය සීමා කරනු ඇති .

එය අධිකරණ පද්ධතිය දුර්වල කරමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල ලෙස හෑල්ලූවට ලක් කිරීමට ඉඩ තිබූ බවයි විචාරකයෝ පවසා තිබෙන්නේ

ඊශ්‍රායල ඉතිහාසයේ වත්මන් නෙතන්යාහු රජයට දැඩි විරෝධයක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරය වැළක්වීමට අසමත් වීම සහ ගාසා තීරයට ගෙන ගිය සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊශ්‍රායලයේ නායකත්වය දේශීය වශයෙන් පීඩනයට ලක්ව ඇති බවද සඳහන්

Share This