ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ධාවන පථයකට ගොඩ බැස්වීමේදී තවත් යානයක ගැටී ගිනි ගනියි(VIDEO)

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ධාවන පථයකට ගොඩ බැස්වීමේදී තවත් යානයක ගැටී ගිනි ගනියි(VIDEO)

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩ බැස්වීමේදී ගිනි ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යානය උතුරු ජපානයේ Hokkaido දූපතේ Sapparo සිට ගුවන් ගත වී ඇති බව සඳහන්

ජපන් ගුවන් සේවය පවසන්නේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනෙකු ඉන් ඉවත් කර ඇති බවයි

භූමිකම්පා ආධාර සපයන ජපන් වෙරළාරක්ෂක ගුවන් යානයක යානය ගැටී ඇතැයි විශ්වාස කෙරෙනවා

එම කුඩා ගුවන් යානයේ සිටි පස් දෙනෙකු පිළිබඳව තොරතුරු තවමත් සඳහන්ව නැහැ

උතුරු ජපානයේ හොකයිඩෝ සිට පැය දෙකකට පමණ පෙර ගුවන්ගත වූ ජපන් එයාර්ලයින්ස් 516 ගුවන් යානයේයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ

Haneda ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This