අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – එක් සිසුවෙක් මරුට

අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – එක් සිසුවෙක් මරුට

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ Perry උසස් පාසලේ නිවාඩුවෙන් පසු පළමු දිනයේදී සැකකරු සිසුන්ද ඇතුළු හය දෙනෙකුට වෙඩි තබා ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විමර්ශකයින් විසින් පාසල් භුමියේ තිබී වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

වෙඩි වැදුණු අයගෙන් පස් දෙනෙක් පාසලේ සිසුන් වන අතර එක් අයෙක් පාසල් පරිපාලකයෙක් බව සඳහන්.

මියගිය සිසුවා හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයේ සහකාර අධ්‍යක්ෂ Mitch Mortvedt පවසන්නේ, එම ස්ථානයට ඉක්මනින් පැමිණි නිසා සැකකරු අල්ලා ගැනීමට හැකිවූ බවයි.

පසුව සැකකරු Dylan Butler නමැති 17 හැවිරිදි ශිෂ්‍යයා බවට තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සිව්දෙනෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This