උතුරු දුම්රිය මාර්ගය අනිද්දා සිට තාවකාලිකව වැසෙයි
මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය අනිද්දා (07) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ (05) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතරතුර යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දීයි
ඒ අනුව පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව තවත් වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පැවසුවේ