පලස්තීනුවන්ට ගාසා තීරයෙන් පිටවන ලෙස බලපෑම් නොකළ යුතුයි – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

පලස්තීනුවන්ට ගාසා තීරයෙන් පිටවන ලෙස බලපෑම් නොකළ යුතුයි – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

පලස්තීනුවන්ට ගාසා තීරයෙන් පිටවන ලෙස බලපෑම් නොකළ යුතු අතර කොන්දේසිවලට යටත්ව නැවත ඔවුන්ගේ නිවෙස්වලට යාමට ඉඩ දිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා

එමෙන්ම පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කරන ලෙස ඉල්ලා සිටි සමහර ඊශ්‍රායල ඇමතිවරුන්ගේ ප්‍රකාශ බ්ලින්කන් මහතා හෙළා දැක ඇති බවද සඳහන් වනවා

එක්සත් ජනපද නිලධාරියා ඔහුගේ නවතම මැද පෙරදිග සංචාරය සඳහා කටාර් වෙත පැමිණ සිටි අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති අතර උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරකදී මිනිසුන් රැසක් මරා දැමූ බවට වාර්තා වීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදුකර ඇති බවද සඳහන්

මෙම වාර්තා සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ

කෙසේවෙතත් දකුණු දිග ඛාන් යුනිස් නගරයේ දී පලස්තීනුවන් 60 කට වැඩි පිරිසක් පසුගිය දිනයේදී ද ඝාතනය කර ඇති බවද වාර්තා වී තිබෙනවා

Share This