ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක් – එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රදේශ හරහා හමා ගිය කුණාටුවකින් 3ක් මරුට

ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක් – එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රදේශ හරහා හමා ගිය කුණාටුවකින් 3ක් මරුට

නැගෙනහිර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රදේශ හරහා හමා ගිය ප්‍රබල ශීත කුණාටු මාලාවකින් පසු අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නිව් මෙක්සිකෝවේ සිට Maine දක්වා විහිදෙන එක්සත් ජනපද ජනගහනයෙන් අඩකට වඩා දරුණු කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ පවතින බවයි වාර්තා වන්නේ

FlightAware හි දත්තවලට අනුව ඊයේ (09) සවස් වන විට ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීම් සිදුව ඇති අතර ගුවන් ගමන් ප්‍රමාද වීම් රැසක්ද සිදුව ඇති බව සඳහන්

කුණාටුව සවස් වනතුරුත් පවතින බැවින් තවදුරටත් හානියක් සිදුවිය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා .

එමෙන්ම ඊයේ (09) සවස් වනවිට, ෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් ප්‍රාන්තය දක්වා නැගෙනහිර එක්සත් ජනපදයේ නිවාස 500,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කුණාටු හේතුවෙන් නිවාසවල වහලවල් ගසාගෙන ගොස් විදුලි රැහැන් කඩා වැටී ඇති බවද සඳහන් .

ෆ්ලොරිඩා, ඇලබාමා සහ ජෝර්ජියාව හරහා ටොනේඩෝ දොළහක් වාර්තා වී ඇති අතර, සැලකිය යුතු මට්ටමේ හානි සිදුවී ඇති බවයි පැවසෙන්නේ

සමහර ප්‍රදේශවල, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වේගවත් වී තිබෙනවා

Share This