යුක්‍රේනයේ Kharkivහි හෝටලයකට රුසියාවෙන් ප්‍රහාර -11කට තුවාල

යුක්‍රේනයේ Kharkivහි හෝටලයකට රුසියාවෙන් ප්‍රහාර -11කට තුවාල

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkivහි හෝටලයකට රුසියානු මිසයිල දෙකක් වැදී පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව Kharkiv හි ආණ්ඩුකාරවරයා පවසනවා

හෝටලයට දැඩි ලෙස හානි වී ඇති අතර ගිනි නිවන භටයන් එම ස්ථානයේ සිටිමින් කටයුතු කරන බවයි පැවසෙන්නේ

ආණ්ඩුකාර Oleh Synehubov පැවසුවේ තුවාල ලැබූවන් අතර තුර්කි මාධ්‍යවේදීන් ද සිටින බවයි.

රුසියාව පසුගිය සති දෙක තුළ යුක්‍රේන නගරවලට ගුවන් ප්‍රහාර වැඩි කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියන් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද යුක්‍රේන බලධාරීන් සඳහන් කර තිබෙනවා

රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් ඈතින් පිහිටි Kharkiv, 2022 පෙබරවාරි මාසයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය වෙත පූර්ණ පරිමාණයේ ආක්‍රමණය දියත් කළ දා සිට රුසියානු ගුවන් ප්‍රහාරවලින් විශාල හානියකට ලක්වූ ප්‍රදේශයක්

තුවාල ලැබූ සියළුදෙනා රෝහල් ගත කර ඇති අතර, 35 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ

Share This